#අපේගීපැදුරගීතවිචාර
#apegeepedura2025
පෙම්වතුන් හා පෙම්වතියන් සංසන්දනයේ දී, පෙම්වතා බස්සෙකුට හා පෙම්වතිය ගිරවියකට සමාන කිරීම බොහෝ විට සාධාරණ යැයි මට හැඟේ. එහි අරුත නම්, පෙම්වතිය බොහෝ විට තොරතෝංචියක් නැතිව කියවන අතර, පෙම්වතා අඩුවෙන් කතා කරන බවයි. එම නිසාම තම සිතෙහි පවතින සිතිවිලි අංශුමාත්‍රයක්වත් අඩු නොමැතිව පෙම්වතියන් ප්‍රකාශ කරයි.
නමුත් බොහෝ විට පෙම්වතුන් හට තම සිත තුළ පවතින ප්‍රේමාන්විත හැඟුම් එයාකාරයෙන් ම මුවින් පිට කිරීම අපහසු කරුණකි. ඔහුගේ හිත තුළ ඇය වෙනුවෙන් අප්‍රමාණ සෙනෙහසක් ප්‍රේමයක් පැවතුනත් එය වචන වචනවලට පෙරළීම අපහසු ය.
කෙසේ වුවත් තමා තුළ ඇය වෙනුවෙන් උපන් ප්‍රේමය ව්‍යාජ මවාපෑමක් නොවන බව නම් ඔහුට එකහෙලා ම කිවහැකි ය. ලඟදි ම දිනයක ඇය මුණ ගැසී, ඇය හා දොඩමළු වන්නට ඔහු සිහින දකී. එ මගින් තමා තුළ මෝදුවන ආදරණිය ප්‍රේමාන්විත හැගුම් ඇයට පැවසීමට ඔහු මග බලමින් සිටියි.
ආදරයේ සොඳුරු මිහිර විදින යුවළකට පැන නගින පළමු අභියෝගය නම්, දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමයි. දෙපාර්ශවයේම කැමැත්ත ලැබේ ද, නොලැබේ ද යන්න ගැටලුවකි. ආගම, කුලය, ජාතිය, ධනය, බලය හා අධ්‍යාපනය යනාදී නානාවිධ හේතු සාධක ප්‍රේමයට බාධා පමුණුවයි. එසේ බාධා නො පමුණුවා තම දරුවන්ගේ සතුට, යහපත උදෙසා අශිර්වාද කරන්නා වූ දෙමව්පියන්ද නැතුවා ම නොවේ.
කෙසේ වුවත් තමා අත ගන්නට පෙරුම් පුරන තරුණිය කෙරෙහි දැඩි ස්නේහයක් ඇති මෙම පෙම්වතා වික්ෂිප්ත ව සිටිනුයේ, ඇයගේ මව්පියන් මේ සදහා කුමන ප්‍රතිචාරයක් දක්වාවිදෝ? යන ප්‍රශ්නාර්ථය මතයි. කෙසේ වුවත් තමා අතිශයින් පෙම්බදින්නා වූ ද, අත ගන්නට පෙරුම් පුරන්නා වූ ද මෙම තරුණිය ඔහුට ආදරය ප්‍රකාශ කරන්නේ නම්, එය හෝ ඔහුට සැනසීමකි.
ව්‍යංගාර්ථයන්ගෙන් තොරව, සරල බස් වහරක් අනුසාරයෙන් රචනා කර ඇති මෙම “ජලේ ගැඹුර ඔරුව දන්නේ නෑ” ගීතය පෙම්වතෙකුගේ සිතෙහි පවතින අභිලාෂයන් ඉතා කෙටියෙන් හා සරලව ඉදිරිපත් කිරීමට දැක්වූ වෑයමක් බව පෙනෙයි.
“ආදරණීය ආදරවන්තයන්, ආදරය ලැබීමටත් ආදරය කිරීමටත් ආදරය කරයි…”
ජීවිතය… ආදරය… ගීතය… ගැන ඔබගේ අදහස් බෙදාගන්න, අප හා කතිකාවතක නිරත වන්න, සෞම්‍ය ගී දැහැනක සම වදින්න…
මැයි මස 03 දා, ගොඩවන්න අපේ ගී පැදුරට ..
ගායනය – ජගත් වික්‍රමසිංහ
සංගීතය – රෝහණ වීරසිංහ
පද රචනය – චන්ද්‍රලතා වික්‍රමසිංහ
ප්‍රවේශපත්‍ර සඳහා – https://docs.google.com/forms/d/e/1FAIpQLSdvOG5Is5gcsiLUwGeMRE0vgZ7RWaEYBKWzAB4jhDiu35EEbA/viewform?usp=sf_link