සපත්නීරෝෂයක්…
ආදරය හරි පුදුම දෙයක්. අර්ථ දක්වන්න අමාරු සංකීර්ණ හැඟීමක්. කෙනෙක් එකම පුද්ගලයෙක් තුලින් ජීවිත කාලයම ආදරේ විඳින්න කැමති වෙනකොට තව කෙනෙක්ට ඒක කාලානුරූපීව වෙනස් වෙනව. කෙනෙක්ට කාලයක් යද්දි ඒක ඒකාකාරී වෙනව. තව කෙනෙක්ට ඒක තමන් හොයපු ආදරේ නෙවේ කියල හිතෙනව.
හැබැයි එහෙම හිතෙනකොට දෙදෙනාගේම ජීවිත ගොඩක් ගෙවිලා ගිහින් වෙන්න පුලුවන්. ආපහු හැරෙන්න බෑ කියල හිතෙන මොහොතක වෙන්න පුලුවන්. අන්න එතකොට සමහරු ඒ බැඳීම කොලයටම සීමා වෙන්න දීලා කොලයක් නැති හැබැයි ආදරණීය බැඳීම් හොයාගෙන යන්න පෙළඹෙනව. පිට ඉඳන් බැලුවොත් එතන කවුද හරි? මේක කියවන ඔයාට පුලුවන්ද කවුරු හරිද කියල කියන්න? ඔන්න දැන් ඔයා හිතන්න ගන්නව. දෙපාරක් නොහිතා එක තීරණයකට එන්න පුලුවන්ද? මං හිතන්නෙ ඒක අමාරු වැඩක්. ඒක ඔයාගෙ හිතේ සංකීර්ණ සිතිවිලි දාමයක් ඇති කරන මොහොතක් වේවි..
ගැහැණු දෙදෙනෙකු අතර අතරමං වුණ පිරිමියෙක්. තමන්ට නොලැබුණු ආදරය, ශුංගාරය සොයා පිට ගිය පිරිමියෙක්.
නීතියෙන් සැමියෙක් සිටින ගැහැණියක්. පතිවත රකින ඒත් වෙනත් ගැහැණියක් පසුපස යන තම සැමියා නිසා හඬා වැටෙන ගැහැණියක්.
අනීතිකව ප්‍රේමයක පැටලුණු ගැහැණියක්. ශුංගාරය තුළින් ආදරය ඉස්මතු කරගත් හිමි නැති ප්‍රේමයක් වෙනුවෙන් හඬා වැටෙන ගැහැණියක්.
ඉතින් කවුද හරි?
ගැහැණිය ස්වභාවයෙන්ම ඊර්ශ්‍යාව උරුම කරගත් මානව ප්‍රතිමූර්තියක්. එක් ගැහැණියක් නීතියෙන් අයිතිය හුවා දක්වන්නෙ සියුම් වෛරයක් මුසු කරගෙන..
“මරණීය රමණීය ශෘංගාර මදහාසෙ
වියැකෙනා දින ළඟයි ගණන් හදපන් අහසෙ”
අනෙක් ගැහැණිය අයිතියක් නැති වුවත් ප්‍රේමය වෙනුවෙන් බලා ඉන්නව..
“මං ආදරේ කළේ පණ ගැහෙන හදවතට
වියැකුණත් මතකයත් ඇති අලුත් රාධාට”
ජීවිතය කෙටියි. ඒ ජීවිත ඇතුලට දවසක ආදරය රිංගනවාමයි. ඒ ආදරේට පණ ගැහෙන්න ඉඩ දෙන්න..ඒ ආදරය මැරෙන තුරාම ඕනෙ නම් රැකගන්න. රැක ගන්න බැරි නම් වියැකී යන්නට ඉඩ හරින්න..ආදරය තුළින් වෛරයට ඔබේ ජීවිතයට රිංගන්න ඉඩ නොදී ඉන්න..
සපත්නීරෝෂයකට ඔබේ ලෝකයට එන්නට ඉඩ නොදී ඉන්න…
සපත්නීරෝෂයක් නෑ මගෙ ලොවේ පතිනියකගේ සුවඳ ඔබෙ සුවඳ නොවේ දෙපත් රෑනක් කළේ සාපයයි රුවේ උදුරගත් හාදු සුව සිවිලිමේ මැවේ
සපත්නීරෝෂයක් නෑ කියා ස්ථිරද ගඳපාන මලක් වුව සුවඳ බව දන්නවද තුන්පතේ රෑනකට පියසමර කුමකටද හාදු උදුරන්න බෑ දෙන දෙයක් දන්නවද
රාධා ක්‍රිෂ්ණා කියා ලීවාට ඉතිහාසෙ ක්‍රිෂ්ණගේ පණ තිබුණෙ රුක්මණියගේ දෑසෙ මරණීය රමණීය ශෘංගාර මදහාසෙ වියැකෙනා දින ළඟයි ගණන් හදපන් අහසෙ
නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයට අත්සනට හිමිවේවි ඒ සිරුර සීතලට මං ආදරේ කළේ පණ ගැහෙන හදවතට වියැකුණත් මතකයත් ඇති අලුත් රාධාට
ගායනය – අභිෂේකා විමලවීර | නන්දා මාලිනී
සංගීතය – ඉන්ද්‍රජිත් මිරිහාන
පද රචනය – අභිෂේකා විමලවීර